Programming SL

Programming SL

Programming SL

Tuesday, March 31, 2015

7. Data Types (දෙවන කොටස)

කොහොමද ? ගොඩක් දවසකින් post එකක් දාන්නත් බැරි උනා. ඔන්න අද තමයි ටිකක් වැඩ අඩු දවසකට සෙට් උනේ...... මේ පාඩමෙන් කියල දෙන්න යන්නේ කලින් පාඩමේ ඉතුරු ටික. කලින් පාඩම බැලුවේ නැත්තම් මෙතනින් බලන්න.  හරි එහෙනම් අපි අද පාඩමට  යමු. 








  • ඕනෑම දශම සංඛ්‍යාවක් සැදෙනුයේ 64 bit තුලය.




මෙය cmd එකෙහි compile කර විට පහත පරිදි error ලැබේ 




මෙම error එක මගින් අපට දැනුම් දෙනු ලබන්නේ අපි ඇතුලත් කල අගයන්  float වලින් නොතබා   double තබන ලෙසයි. එයට හේතුව float සැදෙනුයේ 32bit තුලය. මම මුලදී පැවසු ආකාරයට දශම සංඛ්‍යා සැදෙනුයේ 64bit තුලය. එම නිසා මෙම error එක ලැබේ. 

අප දැන් float වෙනුවට double යොදා compile කර බලමු. 





දැන් හරි.....     8.3969 කියා print වේ. 

ඔන්න දැන් තමයි අපේ අද පාඩම පටන් ගන්නේ. 


දැන් කවුරු හරි කෙනෙක් කියනවා එයට double වලින් එපා. එයට float වලින්ම ඕනෑමයි කියල. එතකොට අපි මොකද කරන්නේ. එකටත් ක්‍රමයක් තියෙනවා එක තමයි දැන් කියල  දෙන්න යන්නේ...............


අපි දශම සංඛ්‍යාවක් float වලින් තබනවානම් එයටත් ක්‍රමයක් තිබේ. පහත ඇති චාට් එක බලන්නකෝ........ 



මෙහි පළමු ක්‍රමයට හැර අනෙකුත් සියලු ක්‍රමයන්ට දශම සංඛ්‍යා ආදේශ කල හැක. 


මෙලෙස යොදන ක්‍රමයට casting ලෙස හදුන්වයි. එය ඉදිරි පාඩමකදී පැහැදිලි කරන්නෙමු. 












Wednesday, March 25, 2015

6.Data Types

මෙම පාඩමෙන් අපි කතා කරනු ලබන්නේ data types ගැනය. මුලින්ම ඉතින් data types ගැන පැහැදිලි කරලා ඉන්නම්කො. එකට මෙහෙම උදාහරණයක් ගමුකො. 


හිතන්න අපිට වතුර ලීටර 1 ක් පුරවගන්න බෝතලයක් ඕනයි කියල. ඒ සදහා අපි තෝරා ගනු ලබන්නේ ලීටර 1 හෝ ලීටර 2කෙ බෝතලයකි.  අපට අවශ්‍ය නම් ලීටර 10 බෝතලයක්ද මේ සදහා යොදා ගත හැක. නමුත් ලීටර 1ක් පුරවාගැනීමට ලීටර 10 බෝතලයක් ගැනීම අවාසිදායකය. එනම් එහි ප්‍රමාණය, ගබඩා කර තබා ගැනීමට අවශ්‍ය ඉඩ ප්‍රමාණය වැඩිය, රැගෙන  යාමේ අපහසුව, ආදී අවැසි බොහොමයක් තිබේ.





අන්න ඒ වගේ තමයි ජාවා වලත්, අපි යොදන දත්ත තැම්පත් කිරීම සදහා විවිද පරාසයන් තිබේ. පහත චාට් එක බලන්න. 




integer = පුර්ණ සංඛ්‍යා 
floating point = දශම සංඛ්‍යා 


integer/ floating pointcharacters / Boolean වල memory capacity එකිනෙකට වෙනස්ය. එය පහත පරිදි වේ. 



අපි මෙහි උදාහරණ කිහිපයක් බලමු. 


byte  -128 to 127

මෙහිදී byte data type  එකට -128 සිට  127 දක්වා යෙදිය හැක. 
අපි හිතමු අපිට 128 දමාගන්න අවශ්‍යයි කියා. එවිට byte වලට 128 දාගත නොහැකි නමුත් එය short data type එකට දමා  ගත හැකිය. එයට හේතුව නම් short හි data range එක  -32768 සිට 32767 වීමයි.  

Boolean 

ජාවා වලදී boolean වලට යොදා ගත හැක්කේ True හෝ False පමණි. සමහර ක්‍රමලේකන භාෂා වලදී නම් boolean සදහා 1 හෝ 0 යොදා ගත හැක. නමුත් ජාවා වල එසේ යොදා ගත නොහැක. 


floating point

මේ සදහා අපට දශම සංඛ්‍යා යොදාගත හැකි නමුත් පුර්ණ සංඛ්‍යා යොදා ගත නොහැක. 




data type වල තව පොඩි කොටසක් තියෙනවා. ඒ ටික ඊලග post එකෙන්ම දාන්නම්කො....... :)   








Wednesday, March 18, 2015

1. පයිතන් හැදින්වීම සහ පරිගණකයට පයිතන් ස්ථාපනය කිරීම

හැදින්වීම 

පයිතන් යනු උසස් මට්ටමේ ක්‍රමලේඛ භාෂාවකි. මෙය free and open-source මාදිලියේ වැඩසටහනකි. එනම් එය ඕනෑම කෙනෙකුට නොමිලයේ ලබා ගෙන බාවිතා කල හැකිය. පයිතන් සොයා ගන්නා ලද්දේ Guido Van Rossum නම් ඕලන්ද ජාතික ක්‍රමලේක ශිල්පියාය. ඔහු මෙය හදුන්වා දෙන ලද්දේ 1991 දිය. ලොව බොහෝ දෙනා පවසන ආකාරයට ජාවා වලට පසුව ලොව බිහිවූ හොදම පරිගණක භාෂාව පයිතන් බවයි. 


පයිතන් ඩවුන්ලෝඩ් කර ගැනීම. 

පයිතන් පරිගණකයට ඩවුන්ලෝඩ් කර ගැනීම සදහා මෙතන click කරන්න. එවිට පහත පරිදි වෙබ් පිටුවක් ලැබේ. 


මෙහි ඇති Download නැමැති Button එක click කර තමන්ට කැමති පයිතන් සංස්කරණයක්  තොරා  ගෙන එහි ඇති msi සෙටප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගන්න. මෙයද පරිගණකයට install කර ගත යුත්තේ වෙනත් software install කරන ආකාරයටමය. 


හරි දැන් පරිගණකයට පයිතන් install වෙලා ඉවරයි. සාමාන්‍යයෙන් පයිතන් install වෙන්නේ C:\Python34 මෙම path එකටය. (මෙහි Python34 යනුවෙන් සටහන් වී ඇත්තේ මම install කර තිබෙන සංස්කරනය Python3.4.3 නිසාය.  )


පයිතන් වෙත පිවිසීම 

වින්ඩෝස් 8 භාවිතා කරන්නේ නම් Search box එකෙහි IDLE ලෙස  search කරන්න. 
වින්ඩෝස් 7 නම් Start -------->  IDLE 

එවිට පහත ආකාරයට python shell එකක් open වෙයි


මෙය කේත ලියා අත්හදා බැලීම් කල හැකි අතුරුමුහුණතකි. මෙහි යම් කේතයක් ලියු පසු එහි output එකද මෙම අතුරුමුහුණත මගින් බලාගත හැක. 


අපි බලමු දැන් මේකේ code කරන්නේ කොහොමද කියල 

print ('Hello World')

ඉහත code එක IDLE එකෙහි type කර Enter key එක press කරන්න. 



අදට පාඩම ඉවරයි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment එකක් දාන්න ........... :)))


5. Method Calling


අදත් අපි වැදගත් වන පාඩමක් තමයි අරගෙන අවේ. පාඩමේ නම තමයි Method Calling. මේකත් ඉතින් අමාරු දෙයක් නම් නෙමෙයි. මොකද මම ඔයාලට පුළුවන් තරම් සරල විදියටනේ කියල දෙන්නේ. වැඩිය කතා ඕන නෑ. එහෙනම් පාඩමට  යමු.


Method Calling යනු Main Method  එකේ සිට අපි හදාගන්න Method එකට call කර එම Method එකෙන් වැඩ ගැනීමයි. සමහර විට මම කියපු දෙය නොතේරෙන්න ඇති. කරගෙන යනකොට ඔයාලටම තේරේවි. 


Method Calling ක්‍රම 2කි. එය පහත පරිදි වේ,



1 වන ක්‍රමය. 

                      මෙහිදී සිදුවනුයේ  Main Method එකේ සිට අපි සාදා ගත් අනෙකුත් Method වෙත Call කිරීමකි. එය සිදු වන්නේ  Animal නමැති Main Method එකෙන් මුලින්ම cat method එකට call කිරීමකි. ඉන්පසු cat method එකෙන් dog method එකට call වේ. අවසානයට dog method එකෙන් fish method එකට  call වේ.  පහත code එක මගින් එය වැටහ ගැනීමට පුළුවන. 

මෙහි output එක පහත පරිදි වේ. 




2 වන ක්‍රමය 

මෙහිදී සිදුවන්නේද ඉහත ක්‍රියාවලියම වේ. නමුත් මෙහිදී අප call කරන ක්‍රමයෙහි  වෙනසක්  පවතී.  අප මෙහිදී main method එකෙහි සිට අනෙකුත් සියලු method වෙත call කරයි. එනම් පළමුව Animal සිට catද, දෙවනුව Animal සිට dog වෙතටද, තෙවනුව Animal සිට fish වෙතටද call කරනු ලබයි. පහත code එක බලා තවදුරටත් අවබෝද කර ගන්න. 


මෙහි output එක පහත පරිදි වේ. 


ඔන්න එහෙනම් අදට පාඩම ඉවරයි. කියාදෙන්න පුළුවන් සරලම ක්‍රමයට කියල දුන්න, ඊලග පාඩමෙන් හමුවෙමු. :))))))))



Saturday, March 14, 2015

4. ජාවා ඉගෙනීමේදී දැනගෙන සිටිය යුතු කරුණු කිහිපයක්

ජාවා ඉගෙනීමේදී දැනගෙන සිටිය යුතු කරුණු කිහිපයක්. 










------------------------------------------------------------------------------------------------------------------
           class A{
                      public static void main(String args []){
                      System.out.println("Hello World");
                    }
                 }

------------------------------------------------------------------------------------------------------------------


ඉහළ code එකෙහි වෙනස් පට වලින් පට කර ඇති වචන සදහා වෙනමම තේරුම් තිබේ. ඒවා මොනවද කියා එකින් එක බලමු. 

class =  මෙය ජාවා හි key word එකකි. (key word එකකට විශේෂ තේරුමක් තිබේ.)

A      =   class එකෙහි නම (මෙහිදී අපට කැමති නමක් යොදාගත හැකිය. එහෙත් යොදන නමට මුලින්ම ඉලක්කමක් යෙදිය නොහැකි නමුත් අගට හෝ මැදට ඉලක්කමක් යෙදිය හැක.) 



               උද:         නිවැරදි ක්‍රම 
                              Saman8 /  D121323 / KasunAmal / $6 
                      
                             වැරදි ක්‍රම 
                             8saman / 234435/ 6$ 


public static void main(String args []) = මෙය ජාවා code එකෙහි main methods එක වේ. ජාවා කෝඩ් එකක main methods තිබිය හැක්කේ එකක් පමණි. අපට අවශ්ෂ්‍ය නම් තවත් main methods සැදිය හැක. (ඒ පිලිබදව ඉදිරියේදී කතා කරමු.) 



                         methods එකක් යනු කුමක්ද? 

                          
                         factory එකක වැඩ කිරීමට අවශ්‍ය නම් එහි මැෂින් තිබිය යුතුය, ඒ වගේම ජාවා හි වැඩ  කිරීමටත් මැෂින් අවශ්ෂ්‍ය වෙනවා.  ජාවා වලදී එම මැෂින් වලට methods කියා හදුන්වනවා.  




{ } = මෙම සිම්බල් දෙක අතර තමයි අපට අවශ්ස්ය කෝඩ් එක ලියන්නේ. 



---------------------------------------------------------------------------------


  • මුලින්ම program එක run වනුයේ main method එකේ සිටය. එය කොහෙතිබුනත් පළමුව run වේ. 
  • program එකෙහි main methods තිබිය හැක්කේ එකක් පමණි. 




එහෙනම් අදට පාඩම ඉවරයි.  -))








Thursday, March 12, 2015

3.println සහ print අතර වෙනස

println සහ print අතර වෙනස 





print

                                     class A{
                                public static void main(String args []){                                              System.out.print("Hello");
                                System.out.print("World");
                                       }
                              }

ඉහත  කෝඩ් එක notepad එකේ type කර desktop එකෙහි save කර cmd මගින් run කල විට පහත ආකාරයට දිස්වේ. 


Sunday, March 8, 2015

2. ජාවා දෙවන කොටස (සරල කෝඩ් එකක් ලියමු )

අපි පළමු පාඩමෙන් ඉගෙන ගත්තනේ ජාවා පරිගණකයට ස්ථාපනය කරන්නේ කොහොමද කියලා. බලපු නැති කට්ටිය ඉන්නවනම් මෙතන click කරලා බලන්න.


එහෙනම් අද පාඩම පටන් ගමු.


අද පාඩමෙන් මන් ඔයාලට කියල දෙන්න යන්නේ පොඩි program එකක් ලියල එක run කරන විදිය. වැඩිය කතා ඕන නෑ අපි එහෙනම් වැඩේ පටන් ගමු.




  1. මුලින්ම Notepad එක Open කර ගන්න. (Notepad එක ගන්න ඕනෑම පොඩි ළමයෙක් දන්නවනේ :P)
  2. ඉන්පසුව පහත ආකාරයට Notepad එකේ code එක Type කරගන්න.
                     
                               class  FirstProgram{ 
                                       public static void main(String[]args){ 
                                       System.out.println("Hello World");
                                               } 
                                     }

වැදගත් - මෙම Code එක notepad එකේ type කරන විට මම ඔය නිල පාටින් පාට  කර ඇති අකුරු අනිවාර්යෙන්ම කැපිටල් අකුරු විය යුතුය.  එයට හේතුව නම් ජාවා යනු  Case Sensitive Language එකක් වන නිසාය. 

උද-             Cat
                   cat

                 ඉහත තිබෙන වචන දෙකේ තේරුම එකම වේ. වෙනසකට තිබෙන්නේ මුල අකුර සිම්පල් සහ                          කැපිටල් වීමයි. අපට මෙම වචන දෙක එකම තේරුම උනාට Java language  එක මෙය වචන                           දෙකක් ලෙස හදුනා ගනී. 

Code එක notepad එකේ type කර ගත පසු එය  FirstProgram.java ලෙස Desktop එකේ Save කර ගන්න. (මෙහිදී FirstProgram කියන තැනට ඔයාට කැමති නමක් දාගන්න පුළුවන්. නමුත් .java කියන එක අනිවාර්යෙන් නමේ අගට දැමිය යුතුය.   Ex- Saman.java   Kamal.java ) 



 විශාල කර බැලීම සදහා රුපය මත click කරන්න 


ඉන්පසුව command prompt හෙවත් cmd එක ලබා ගන්න.
      Start------> Run----------> (type) cmd------> press Enter key


3.cmd එකෙහි cd desktop ලෙස type කර enter කරන්න. 
  (cd desktop ලෙස type කරනුයේ අපි අපේ ජාවා ෆයිල් එක save කලේ  desktop  එකේ නිසාය. )


4.ඉන්පසුව cmd හි javac FirstProgram.java ලෙස type කර enter කරන්න. 
  (javac මගින් කරනුයේ අපි ලියාගත් ජාවා කෝඩ් එකෙහි grammar check කර එය නිවැරදි නම් ජාවා          බාශාවට තේරෙන පරිදි convert කර ගැනීමයි )

එවිට ඔබට Desktop එකෙහි  FirstProgram.class නමින් අලුත් file එකක් දැකගත හැක. 

5.මීලගට cmd එකෙහි java FirstProgram ලෙස type කර enter කරන්න.
   (java FirstProgram මගින් කෙරෙනුයේ ඔබගේ ජාවා file එක run කිරීමයි)

6. අවසානයේ ඔබට  Hello World කියලා cmd එකෙහි  දකින්න ලැබේවි. 


 විශාල කර බැලීම සදහා රුපය මත click කරන්න

Post එක නම් ටිකක් දිගයි. එත් කියාදෙන්න පුළුවන් සරලම ක්‍රමයටම කියල දුන්න. පස්සේ හමුවෙමු. 


Saturday, March 7, 2015

1. ජාවා හැදින්වීම සහ පරිගණකයට ජාවා ස්ථාපනය කිරීම

JAVA ගැන කෙටි විස්තරයක් :


Java  develop කරන ලද්දේ James Gosling විසිනි. 1991 Sun Microsystem ආයතනය සමග සම්බන්දවි මෙය තවත් වැඩි දියුණු කරන ලදී.  පසුව  Oracle සමගම විසින් Sun Microsystems ආයතනය මිලට ගෙන තිබෙනවා. දැන් ජාවාහි අයිතිය Oracle සමාගමට හිමිව තිබේ.

java වල ඇති විශේෂත්වය නම් :

  • Java is Platform Independent
  • Java is portable
  • Java is secure
  • Java is easy to learn
  • Java is Object-Oriented
මෙහි ඇති විශේෂ වාසිය නම් බොහොමයක් ස්මාට් ෆෝන් වල බවිත වන Android OS එකද සැදී තිබෙන්නේ Java වලින් වේ. එම නිසා Java ඉගෙන ගත කෙනෙක්ට android apps හැදීමද ඉතාමත් පහසු කාර්යකි. 

Java වලින් වැඩ කිරීම සදහා පළමුව පරිගණකයට ජාවා ස්ථාපනය කරගමු 


  • පළමුව command prompt හෙවත් cmd ලබා ගන්න .
  • ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.
    • start -----> Run ----> (type) cmd --------> press Enter key

Java, Machine එකට install කර තිබේදැයි බැලීමට command prompt හෙවත් cmd එකෙහි javac type කර enter කරන්න.
(මෙය විශාල කර බැලීම සදහා රුපය මත click කරන්න) 


  • ඔබගේ පරිගණකයේ දැනටමත් ජාවා ස්ථාපනය කර තිබේනම් පහත පරිදි command prompt හෙවත් cmd එකෙහි දිස්වේ. 

(මෙය විශාල කර බැලීම සදහා රුපය මත click කරන්න) 

  • ඔබගේ පරිගණකයේ ජාවා ස්ථාපනය කර නොමැතිනම් පහත පරිදි cmd එකෙහි දිස්වේ
(මෙය විශාල කර බැලීම සදහා රුපය මත click කරන්න) 

එහෙනම් අපි දැන් පරිගණකයට ජාවා ස්ථාපනය කරමු 

Java Inastall කිරීම 

අපට මේ සදහා java development kit හෙවත් jdk පරිගණකයට download  කිරීමට සිදුවේ. jdk download කරගැනීම සදහා මෙතන click කරන්න.


  • ඉතිරි ටික කියන්න ගියොත් මේකේ ඉඩ මදි වෙන නිසා පහල තියෙන වීඩියෝ එක බලලා පරිගණකයට instal කරගන්නකො. 


කියන්න අමතක උනා. class එක සහ path එක සදා ගන්නා ක්‍රමයත් ඕකෙම තියෙනවා. එකත් හදාගන්න. :-D

ඔන්න එහෙනම් අපි කැපුන. ඊලග post එකෙන් හමුවෙන්නම්කො.