Programming SL

Programming SL

Programming SL

Showing posts with label Python. Show all posts
Showing posts with label Python. Show all posts

Friday, April 24, 2015

2. Numbers and Maths

මෙහිදී අපි කතා කරන්නට යන්නේ සංඛ්‍යාවක් අඩු කිරීම, වැඩි කිරීම, එකතු කිරීම, බෙදීම සහ අනෙකුත් ගණිත කාර්ම පිළිබදවය.
මෙයත් ඉතින් හරිම සරලයි. හෝඩියේ ළමයෙකුට උනත් කරන්න පුළුවන්. එහෙනම් වැඩේ පටන් ගමු. 



1. සංඛ්‍යාවක් එකතු කිරීම. 

හරිම සරලයි. මේ සදහා අපි යෙදා ගන්නේ එකතු කිරීමේ ලකුණයි (+) පහත උදාහරණය බලන්න. 



2. සංඛ්‍යාවක් අඩු  කිරීම.

මේ සදහා අපි යෙදා ගන්නේ අඩු  කිරීමේ ලකුණයි (-) පහත උදාහරණය බලන්න. 


3. සංඛ්‍යාවක් ගුණ  කිරීම.

මේ සදහා අපි යෙදා ගන්නේ ගුණ කිරීමේ ලකුණයි (*) පහත උදාහරණය බලන්න.

මෙහිදී අපට පුළුවන් 6*6*6 ලෙස යොදන්න. එතකොට එන පිළිතුර වනුයේ 216. 
216 ලැබීමට හේතුව නම් 6*6=36 වේ. 36 නැවතත් 6න් ගුණ වේ. 36*6=216 කි. 

6*6*6     යන්න මෙසේද ලිවිය හැක 6**3
5*5*5     යන්න මෙසේද ලිවිය හැක 5**3
8*8*8*8 යන්න මෙසේද ලිවිය හැක 8**4



4. සංඛ්‍යාවක් බෙදීම.

මේ සදහා අපි යෙදා ගන්නේ බෙදීමේ ලකුණයි (/) පහත උදාහරණය බලන්න.



5. මෝඩ් අගය සෙවීම.

මෙමගින් සිදුවනුයේ යම්කිසි සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදු විට ඉතිරිවන අගය පෙන්වීමයි. මේ සදහා අපි යෙදා ගන්නේ % ලකුණයි. පහත උදාහරණය බලන්න.



හරි අදට එහෙනම් පාඩම ඉවරයි. මන් හිතනවා හැමෝටම තේරෙන්න ඇති කියලා.












Wednesday, March 18, 2015

1. පයිතන් හැදින්වීම සහ පරිගණකයට පයිතන් ස්ථාපනය කිරීම

හැදින්වීම 

පයිතන් යනු උසස් මට්ටමේ ක්‍රමලේඛ භාෂාවකි. මෙය free and open-source මාදිලියේ වැඩසටහනකි. එනම් එය ඕනෑම කෙනෙකුට නොමිලයේ ලබා ගෙන බාවිතා කල හැකිය. පයිතන් සොයා ගන්නා ලද්දේ Guido Van Rossum නම් ඕලන්ද ජාතික ක්‍රමලේක ශිල්පියාය. ඔහු මෙය හදුන්වා දෙන ලද්දේ 1991 දිය. ලොව බොහෝ දෙනා පවසන ආකාරයට ජාවා වලට පසුව ලොව බිහිවූ හොදම පරිගණක භාෂාව පයිතන් බවයි. 


පයිතන් ඩවුන්ලෝඩ් කර ගැනීම. 

පයිතන් පරිගණකයට ඩවුන්ලෝඩ් කර ගැනීම සදහා මෙතන click කරන්න. එවිට පහත පරිදි වෙබ් පිටුවක් ලැබේ. 


මෙහි ඇති Download නැමැති Button එක click කර තමන්ට කැමති පයිතන් සංස්කරණයක්  තොරා  ගෙන එහි ඇති msi සෙටප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගන්න. මෙයද පරිගණකයට install කර ගත යුත්තේ වෙනත් software install කරන ආකාරයටමය. 


හරි දැන් පරිගණකයට පයිතන් install වෙලා ඉවරයි. සාමාන්‍යයෙන් පයිතන් install වෙන්නේ C:\Python34 මෙම path එකටය. (මෙහි Python34 යනුවෙන් සටහන් වී ඇත්තේ මම install කර තිබෙන සංස්කරනය Python3.4.3 නිසාය.  )


පයිතන් වෙත පිවිසීම 

වින්ඩෝස් 8 භාවිතා කරන්නේ නම් Search box එකෙහි IDLE ලෙස  search කරන්න. 
වින්ඩෝස් 7 නම් Start -------->  IDLE 

එවිට පහත ආකාරයට python shell එකක් open වෙයි


මෙය කේත ලියා අත්හදා බැලීම් කල හැකි අතුරුමුහුණතකි. මෙහි යම් කේතයක් ලියු පසු එහි output එකද මෙම අතුරුමුහුණත මගින් බලාගත හැක. 


අපි බලමු දැන් මේකේ code කරන්නේ කොහොමද කියල 

print ('Hello World')

ඉහත code එක IDLE එකෙහි type කර Enter key එක press කරන්න. 



අදට පාඩම ඉවරයි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment එකක් දාන්න ........... :)))