මෙයත් ඉතින් හරිම සරලයි. හෝඩියේ ළමයෙකුට උනත් කරන්න පුළුවන්. එහෙනම් වැඩේ පටන් ගමු.
1. සංඛ්‍යාවක් එකතු කිරීම.
හරිම සරලයි. මේ සදහා අපි යෙදා ගන්නේ එකතු කිරීමේ ලකුණයි (+) පහත උදාහරණය බලන්න.
2. සංඛ්‍යාවක් අඩු කිරීම.
මේ සදහා අපි යෙදා ගන්නේ අඩු කිරීමේ ලකුණයි (-) පහත උදාහරණය බලන්න.
3. සංඛ්‍යාවක් ගුණ කිරීම.
මේ සදහා අපි යෙදා ගන්නේ ගුණ කිරීමේ ලකුණයි (*) පහත උදාහරණය බලන්න.
මෙහිදී අපට පුළුවන් 6*6*6 ලෙස යොදන්න. එතකොට එන පිළිතුර වනුයේ 216.
216 ලැබීමට හේතුව නම් 6*6=36 වේ. 36 නැවතත් 6න් ගුණ වේ. 36*6=216 කි.
6*6*6 යන්න මෙසේද ලිවිය හැක 6**3
5*5*5 යන්න මෙසේද ලිවිය හැක 5**3
8*8*8*8 යන්න මෙසේද ලිවිය හැක 8**4
4. සංඛ්‍යාවක් බෙදීම.
මේ සදහා අපි යෙදා ගන්නේ බෙදීමේ ලකුණයි (/) පහත උදාහරණය බලන්න.
5. මෝඩ් අගය සෙවීම.
මෙමගින් සිදුවනුයේ යම්කිසි සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදු විට ඉතිරිවන අගය පෙන්වීමයි. මේ සදහා අපි යෙදා ගන්නේ % ලකුණයි. පහත උදාහරණය බලන්න.
හරි අදට එහෙනම් පාඩම ඉවරයි. මන් හිතනවා හැමෝටම තේරෙන්න ඇති කියලා.
0 comments:
Post a Comment