HTML (Hyper Text Morkup Language) Programming Language එකක් නොවන අතර මෙය Morkup Language වේ. මේ නිසා Morkup Tag භාවිතා කර වෙබ් අඩවි නිර්මාණය කරයි. මෙම වෙබ් අඩවි නිර්මාණය සදහා වෙනමම software පරිගණකයට Install කල යුතු නැත. ඒ සදහා පරිගණකයේ ඇති notepad software එක පාවිච්චි කල හැක.
- මුලින්ම notepad open කර ගන්න
- එහි පහත ආකාරයට code කරන්න
<html>
<head>
<title> Programming sl </title>
</head>
<body>
HELLOW WORLD
</body>
</html>
මෙහි නිල පාටින් ඇති කොටස් තමාට කැමති ආකාරයට වෙනස් කර ගත හැක.- ඉන්පසු මෙය තමන්ට කැමති ස්ථානයක save කර ගන්න.
- මෙහි File Name කියන තැනට තමන් කැමති නමක් ලබා දීල අන්තිමට .html ලෙස දැමිය යුතුය. (මම මෙහි යොදා ඇත්තේ a.html ලෙසය)
- Save as type යන ස්ථානයට All types ලබා දී SAVE කරන්න.
- ඔබ save කරගත් එම file එක තමන් තෝරාගත් location එකේ පහත පරිදි දිස් වේ. (මම මෙය සේව් කරගනු ලැබුවේ desktop එකෙහිය.)
- ඉන්පසු එය double click කර open කරන්න.
- එවිට ඔබගේ web browser එක open වී අපි හදන ලද web page එක open වෙයි.
හරි අදට පාඩම ඉවරයි. ඊලග පාඩමෙන් හමුවෙමු.........