Programming SL

Programming SL

Programming SL

Sunday, November 22, 2015

HTML හැදින්වීම

HTML (Hyper Text Morkup Language) Programming Language එකක් නොවන අතර මෙය Morkup Language වේ. මේ නිසා Morkup Tag භාවිතා කර වෙබ් අඩවි නිර්මාණය කරයි. මෙම වෙබ් අඩවි නිර්මාණය සදහා වෙනමම software පරිගණකයට Install කල යුතු නැත. ඒ සදහා පරිගණකයේ ඇති notepad software එක පාවිච්චි කල හැක. 

  • මුලින්ම notepad open කර ගන්න 
  • එහි පහත ආකාරයට code කරන්න 



<html>
<head>
<title> Programming sl </title>
</head>
<body>
HELLOW WORLD
</body>
</html>
මෙහි නිල පාටින් ඇති කොටස් තමාට කැමති ආකාරයට වෙනස් කර ගත හැක.

  • ඉන්පසු මෙය තමන්ට කැමති ස්ථානයක save කර ගන්න. 
  • මෙහි File Name කියන තැනට තමන් කැමති නමක් ලබා දීල අන්තිමට .html ලෙස දැමිය යුතුය. (මම මෙහි යොදා ඇත්තේ a.html ලෙසය)
  • Save as type යන ස්ථානයට All types ලබා දී SAVE කරන්න. 
  • ඔබ save කරගත් එම file එක තමන් තෝරාගත් location එකේ පහත පරිදි දිස් වේ. (මම මෙය සේව් කරගනු ලැබුවේ desktop එකෙහිය.)  

  • ඉන්පසු එය double click කර open කරන්න.
  • එවිට ඔබගේ web browser එක open වී අපි හදන ලද web page එක open වෙයි. 
 
හරි අදට පාඩම ඉවරයි. ඊලග පාඩමෙන් හමුවෙමු.........




Monday, November 2, 2015

14. Array

 අද අපි කතා කරන්න යන්නේ ජාවා Array ගැනය. Array එකක් මගින් අපිට පුළුවන් යම් කිසි දත්තයක් Array එක තුල ගබඩා කර තබන්න.  හරි අපි එහෙනම් බලමු Array එකක් හැදෙන්නේ කොහොමද කියල.......





     class Test{
            public static void main(String args[]){
                  int x[] = new int [3];
               } 
ඔන්න ඔය ආකාරයට තමයි Array එකක් හැදෙන්නේ. මම මෙතන හදල තියෙන්නේ int Array එකක්. අපිට කැමති Data Type එකකින් Array හදාගත හැක. අපි එහෙනම් බලමු ඔය හදල තියෙන Array එකට Data ඇතුලත් කරන්නේ කොහොමද කියල.

     class Test{
           public static void main(String args[]){
              int x[ ] = new int [3];
                  x[0]=10;
                  x[1]=20;
                  x[2]=30;
            System.out.println(x[0]);  //print 10
            System.out.println(x[1]);  //print 20
            System.out.println(x[2]);  //print 30
          }
      }
ඔන්න ඔය විදියට තමයි Array එකකට Data ඇතුලත් කරන්නේ. හරි එහෙනම් මේකෙදි වෙන වැඩේ අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු.

අපි ඔය ඉහතින් සාදා තියෙන්නේ 1D Array එකක්. මේකට 1D Array එකක් කියන්න හේතුව පැහැදිලි කර ගනිමු. 

int x [ ] = new int [ ]; 
ඔය නිල පාට  කොටු වරහනෙන් තමයි තීරණය වෙන්නේ මේ Array එක 1D ද , 2D ද , 3Dද, කියලා. (තමන්ට කැමති ගානක Array එකක් හදාගන්න පුළුවන්. එක 10D උනත් අවුලක් නෑ.)


2D Array එකක් හදනවනම්  int x [ ] [ ] = new int [ ] [ ] ;
3D Array එකක් හදනවනම්  int x [ ] [ ] [ ] = new int [ ] [ ] [ ]; 

ඉහත රුපයේ පරිදි new int [3] ; යනුවෙන් සදහන් කර ඇත්තේ අපි සාදන ලද 1D Array එක කොටස් කීයකට බෙදිය යුතුද කියල.  එහිදී මුල්ම index එක පටන් ගන්නේ 0 වෙනි. 

දැන් බලමු 2D Array එකක්. 

මෙම 2D Array එකේදී වෙන්නේ පළමු array එක කැබලි 3කට බෙදිලා ඒ එක කැබැල්ලක් නැවත දෙකට බෙදෙන එකයි. පහත code එක බලන්න. 
  class Test{
           public static void main(String args[]){
              int x[ ][ ] = new int [3][2];
                  x[0][0]=10;
                  x[0][1]=20;
                  x[1][0]=30;
                  x[1][1]=40;
                  x[2][0]=50;
                  x[2][1]=60;
            System.out.println(x[0][0]);  //print 10
            System.out.println(x[0][1]);  //print 20
            System.out.println(x[1][0]);  //print 30
            System.out.println(x[1][1]);  //print 40
            System.out.println(x[2][0]);  //print 50
            System.out.println(x[2][1]);  //print 60
          }
      }
3D Array හැදෙනකොට වෙන්නේ කොටස් 3න කට වෙන් වීමයි. 

             int x[ ][ ][ ] = new int [3][2][3];
                  
මෙහිදී වෙන්නේ පළමු කොටස කොටස් 3නකටද, දෙවන කොටස කොටස් 2ක කටද , තුන්වන කොටස නැවතත් කොටස් 3න කටද වෙන් වීමයි.  
අදට එහෙනම් මෙපමණයි. Array දෙවන කොටසින් හමුවෙමු!......